තනි ගමනකට අවසර නැති බටා සහ කහෝන්

   බටා කියන්නේ තාල වාද්‍ය භාණ්ඩයක් කියල ඔබ දන්නවාද? ඒ කියන්නෙ බෙරයක් කියලා. බටා බෙරේ හදල තියෙන්නෙ කුහර සහිත ලී බඳකින්. මෙහි හඬ ඉපදීම සඳහා එළු හම යොදාගෙන තිබෙනවා.


   බටා බෙරය 1800 ගණන්වල ඉඳළ කියුබාවෙ Santeria ලෙස හැඳින්වෙන ආගමේ සංස්කෘතිකාංගයක් ලෙස පාවිච්චි වෙලා තියෙනවා.

   ඒ වගේම 1950 ගණන්වලවල ඉඳළ පුවර්ටෝ රිකෝ සහ එක්සත් ජනපදයේ භාවිතා කර තියෙනවා.


   ඒවා නයිජීරියාවේ ආගමික සංගීත විනෝදාශ්වාදය සඳහා සහ ජනප්‍රිය සංගීතය සඳහා ද භාවිතා කර තිබෙනවා.

   බටා බෙරය මුල් කාලයේ යොදාගෙන තියෙන්නෙ විවිධ විවරුන් ගේ බෙරයක් විදිහටයි.

  පසුව එය රාජකීයන්ගේ, මුතුන්මිත්තන්ගේ බෙරයක් විදිහටත් දැන් දේශපාලකයන්ගේ බෙරයක් ලෙසටත් යොදා ගන්නවා.


   මෙම බෙරය දළ වශයෙන් වසර පන්සියයක් පමණ පැරණියි. එය ෂැංගෝ එල් ඩේල්  යොරුබා රජු විසින් හඳුන්වා දුන් බවට විශ්වාස කෙරෙනවා.

   බටා බෙරය වෙනත් සංගීත ආකෘති සඳහා භාවිතා කරනවා. විශේෂයෙන් කියුබානු ටිම්බා, ජෑස් සහ හිපොප් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

   1960 ගණන්වලදී Son-Batá, Batá Rock  නමින් හැඳින්වෙන බටා ඩ්‍රම්ස් (Bata drums) ජනප්‍රිය වුණා


   පසු කාලීනව පේරු රට ආශ්‍රිතව කහෝන් (Cajon) සංගීත භාණ්ඩය බිහි වුණා. කහෝන් කියන්නේ තනිකරම දැව භාවිතා කරමින් නිර්මාණය කරන බෙර විශේෂයක්.


   ඒත් සමම විවිධ හැඩයන්ගෙන් යුත් කහෝන් බිහිවුණා. කහෝන් බොංගෝ (Cajon Bongo) සහ කහෝන් ලැප්ටොප් (Cajon laptop)  කියල හඳුන්වන්නෙ මෙයින් කිහිපයකටයි.


   අපි කවුරුත් දන්නා විදිහට ඉන්දියාවේ තබ්ලාව, මෘදංගය, ලංකාවේ උඩරට බෙරය, පහතරට බෙරය, දවුල සහ තම්මැට්ටම් යන බෙර වර්ග වාදනය කරන්නෙ තනි තනිවයි.

   නමුත් බාටා කහෝන් (Bata Cajon) වාදනයේදී විවිධ ප්‍රමාණයන්ගෙන් සහ වෙනස් හඬ තලවල පවතින බටා කහෝන් කිහිපයක් යොදා ගන්නවා.

   එසේ යොදා ගන්නා වාදකයින් තාලානුරූපීව එකිනෙකට වෙනස් වාදනයන් ඉදිරිපත් කරනවා. ඒ වාදන ඛණ්ඩ සියල්ල එක්තු වූ පසුවයි අදාළ තාලය නිර්මාණය වන්නේ.

    එම නිසා බටා කහෝන් වාදන භාණ්ඩයට සංගීත ලෝකයේදී හිමි වන්නෙ සුවිශේෂි තැනක්.




 

තවත් ලිපි