එළඹී ඇත්තෙ 2023 වර්ෂයයි. අලුත් අවුරුද්ද ආරම්භයේදී ලෝකවාසී සියළු දෙනා ම එක එක ආකාරයේ ප්‍රාර්ථනාවන් කරනවා. ඒ තම තමන්ට අදාළ ආගමික ඇදහිලි සහ විශ්වාස මත පදනම්වයි.
බ්‍රසීලයේ අලුත් අවුරුද්ද පිළිගන්නා ආකාරය අපිට අලුත් විදිහක්. ඒ වගේම පුදුමාකාරයි වගෙත් හිතෙනවා.
ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය සටහන් වෙද්දී අලුත් අවුරුදු උදාව සමරන්න බ්‍රසීල ජනයා මුහුදු වෙරළට එකතු වෙනවා.
ඔවුන්ගේ විශ්වාසය අනුව අලුත් අවුරුද්දෙ මුහුදට පැන රළ හතකට මුහුණ දීම සුබ ලකුණක්. වතුරට පැනිය යුත්තෙ සුදු ඇඳුම් ඇදගෙනයි.
ඒ වගේම මුහුණ දෙන හැම රළකටම එක් එක් ප්‍රාර්ථනාව බැඟින් කරනවා.
ඒ අතර විවිධ පාටවලින් යුත් යට ඇඳුම් ඇදගෙන කරන ප්‍රාර්ථනාද
තියෙනවා. විශේෂත්වය වන්නෙ මේ හැම පාටකටම නියමිත ප්‍රාර්ථනාවක් තිබීමයි. ඒ මෙහෙමයි.
සුදු - සාමය හා සමඟිය
නිල් - සන්සුන් භාවය හා මිත්‍රත්වය
කහ - මුදල් සහ වාසනාව
රෝස - ආදරය
රතු - ආශාව
තැඹිලි - වෘත්තීය සාර්ථකත්වය
කොළ - නිරෝගීකම
දම් - ආයු සම්පන්න බව
ඒ වගේම මෙවැනි චාරිත්‍ර ඉටු කරන ලතින් ඇමෙරිකානු කලාපයේ එකම රට බ්‍රසීලය විතරක් නෙවෙයි. පේරු, චිලි, මෙක්සිකෝව,ඉක්වදෝරය, ආජන්ටිනාව සහ උරුගුව යන රටවලද මෙම චාරිත්‍රය තියෙනවා.