
ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර දණ හිසේ ආබාධකට ලක්වීම හේතුවෙන් මාස 10 ක පමණ කාලයක් තරඟ බිමෙන් ඉවත්ව සිටි අවිෂ්ක යළිත් කරළියට පැමිණියේ දෙසැම්බර් මාසයේ පැවැති එල්.පී.එල්. තරඟාවලියේදීයි.
පිට පිටම දෙවැනි වරටත් එල්.පී.එල්. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අවිෂ්ක, මෙවර තරඟාවලියේ තරඟ 10කදී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 339ක් රැස් කළේ 37.66ක සාමාන්‍යයක් සහ 124.63ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්.
අවිෂ්ක ආරම්භක පිතිකරු භූමිකාවෙන් ඉවත් කර අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා යෙදවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතාගේ සැලැස්මක්. ඔහු පන්දුවට පහරදෙන ආකාරය අනුව කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව නායක දසුන් ශානක එක් වේලාවකදී පැවසුවා.
ඒ නිසා ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙන තරඟයේදී අවිෂ්ක කණ්ඩායමට එක්වන්නේ නම් ඒ ආරම්භක පිතිකරුවකු ලෙසද නැතහොත් මැද පෙළ පිතිකරුවකු ලෙසද යන්න ගැටලු සහගතයි.
එහෙම නැති වුනොත් අවිෂ්ක මැද පෙළ පිතිකරුවකු විදිහට කණ්ඩායමට එක් වනවා නම් ධනංජය ද සිල්වා, චරිත් අසලංක හෝ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තුන්දෙනාගෙන් එක් කෙනෙකුට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වෙනවා.