කළු ඇපල් ගැන ඔබ අහල තියෙනවාද? මේවාට කළු දියමන්ති ඇපල් කියලත් කියනවා. මේ නම්වලින්ම පේනවා නේද මේවායේ ඇති අගය.
මුලින්ම අපි කියන්නම් ඇයි මේ ඇපල් ගෙඩියට කළු දියමන්ති (Black Diamond) කියන්නේ කියලා.
කළු දියමන්තියේ වර්ණය කළු සහ දම් පැහැයට සමාන නිසා මේ ඇපල් විශේෂයටත් Black Diamond කියල කියනවා.
ලෝකය පුරා ඇපල් විශේෂ 7500ක් වඩා වගා කළත් Black Diamond ටිබෙටයේ Nyingchi පළාතේ හැර වෙනත් තැනක වගා කෙරෙන්නේ නෑ.
දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුලුවන්. ඇයි මේ කළු ඇපල් ටිබෙටයේ පමණක් වගා කරන්නේ කියලා. මේ පැල වැඩෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 3100ක්(අඩි 10,170) පමණ ඉහළ උසකින්.
ඉතින් එයට සුදුසුම තැන ටිබෙටයේ Nyingchi පළාතයි.
මෙම ඇපල් ගෙඩියේ වර්ණය කළු වන්නේ හිරු එළිය එයට ඉතා සමීපව වැටෙන නිසයි. ඒ වගේම දිවා රාත්‍රී සිදුවන උෂ්ණත්ව වෙනස් වීමත් එයට බලපාල තියෙනවා.
ටිබෙටය කියන්නේ ලෝකයේ උසම ප්රදේශ අතරට ගණන් ගන්නා තැනක්.
ඒවගේ ස්ථානවලට හිරු කිරණ කෙලින්ම පතිත වෙනවා. ඒ නිසා සෘජු හිරු එළිය හා උෂ්ණත්ව වෙනස්කම් හේතුවෙන් මෙම ඇපල්වල වර්ණය කළු පාටට හැරිල තියෙනවා.
දැන් අපි මේ ඇපල් ගෙඩියේ මිල ගැන කතා කරමු. අනෙකුත් ඇපල්වලට වඩා මෙම ඇපල් ඉතා ඉහළ මිලකට අලෙවි වෙනවා. එහි වර්ණය හා මිහිරි රසයද මේ ඉහළ මිලට හේතු වෙලා තියෙනවා.
කෘෂිකාර්මික විද්‍යාඥයින් කියන විදිහට කළු ඇපල් පැල සිටුවීමෙන් පස්සෙ ගෙඩි හැදෙන්න වසර 8 ක් පමණ කල් ගත වෙනවා.
නමුත් රතු ඇපල්වල නම් අවුරුදු 4-5 කින් පල දරනවා.
2015 වසරේ ටිබෙටයේ Nyingchi පළාතේ කළු දියමන්ති ඇපල් වගාව පැල 3කින් ආරම්භ කරල තියෙනවා. පසුව මෙය සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙලා තියෙනවා.
ඒ නිසා දැන් කළු දියමන්ති ඇපල් වෙළඳපොලට එමින් තියෙනවා.
මේවා අනෙකුත් ඇපල්වලට වඩා ඉතාමත් මිහිරි රසයකින් යුක්ත නිසා ඉතා ඉහළ ඉල්ලුමක් වෙළඳපොලේ තියෙනවා.