මොර, ලෝකයේ ජනප්‍රියම පළතුරක් වුවත් ලංකාවේ එය එතරම් ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි බසින් මේ ගස හඳුන්වන්නේ Dragons eye කියලයි. මේ ගස තෙත් කලාපයේ වගේම වියළි කලාපයේත් සාරවත්ව වැඩෙනවා.
මොර විවිධ රසයෙන් තිබෙන අතර ඒවා නම් ලැබී ඇත්තේ ද රසය අනුවයි. ඒ අනුව පැණි මොර, මස් මොර ආදී වශයෙන් මේවා හඳුන්වනු ලබනවා. පැණි රසැති මොර හරියට රඹුටන් වගේ. එහි රසය වගේම සුවඳත් මොරවලටම ආවේණිකයි.
චීනය සහ තායිලන්වැතය වැනි රටවල මොර එහි වර්ණය හා රසය නොනැසී පවතින සේ වියළා හෝ අධිශීත කර පසුව නැවුම් පළතුරු වශයෙන් භාවිත කරනවා. එම රටවල මොර සඳහා හොඳ දේශීය මෙන්ම අපනයන වෙළඳපොළක් ද තිබෙනවා.