පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බිරිඳ ජෝර්ජිනා රොඩ්රීගස් සහ දරුවන් සෞදියේ රියාද් නුවර බලා පැමිණ ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
පසුගියදා සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජයෙන් රොනාල්ඩෝව මිල දී ගත්තෙ මෙතෙක් පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකකයෙකුව විදෙස් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් මිලට ගත් වැඩිම මුදල ඊට ආයෝජනය කරලයි.
ඒ අනුව ඉදිරි වසර කිහිපය සඳහා යුරෝ මිලියන 200ක (අමරිකානු ඩොලර් මිලියන 213කට අධික) ගනු දෙනුවකට අත්සන් කිරීම ද රොනාල්ඩෝගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
සෞදි පුවත් සේවා වාර්තා කළේ මෙම ගනු දෙනුවෙන් පසුව රොනාල්ඩෝ පවුලේ සාමාජිකයන් ද කැටුව සෞදි අරාබියට පැමිණි බවය.
37 හැවිරිදි රොනාල්ඩෝ පසුගිය වසරේ නිමාවට පත් වූ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියෙහි ලෝක කුසලාන තරඟාවලි සඳහා ක්‍රීඩා කිරීමෙන් සමුගත්තා.
මෙම සුපිරි ක්‍රීඩකයා රියාද් වෙත පැමිණීමත් සමග ඔහු දැක බලා ගැනීමට ද විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්ව සිටියා.
බැලොන් දෝර් නැමැති ජාත්‍යාන්තර සම්මානය පස් වතාවක් දිනූ රොනාල්ඩෝගේ රියාද් ආගමනයේ දී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවක සංඛ්‍යාවද වැඩි වී ඇති බවත් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
වරක් සෞදි ලීග් ශූරයන් වූ අල් නසාර් ක්‍රීඩා සමාජයට රොනාල්ඩෝගේ අත්සන් කිරීම සෞදි පාපන්දු ඉතිහාසය වර්ණවත් කරනු ඇති බව එම ක්‍රීඩා සමාජයේ අදහසයි.