
ඒ ලෝකෙ තියෙන උසම සිරස් සුසාන භූමියේදීයි.
අපි පේලේ ගැන ලිපියක් මීට පෙර පළ කළා.
ඉතින් ආයුබෝවන් පේලේ !
ඉතිං, අපි අද කතා කරන්නේ පේලේ ගැන නෙමෙයි. ඔහුගේ අවසන් කටයුතු සිදු වුණු ලෝකෙ තියෙන උසම සිරස් සුසාන භූමිය ගැනයි.මෙය පිහිටලා තියෙන්නේ සාඕ පවුලෝ ප්රාන්තයේ ‘සැන්ටොස්’ නගරයේයි. 1993 දී මේ සුසාන භූමිය ලෝකෙ උසම සිරස් සුසාන භූමිය විදිහට ගිනස් පොතට ඇතුලු වුණා.

1983 වසරේදී පෙප් ඇල්ට්ස්ටට් විසින් ගොඩනගපු මේ සුසාන භූමිය මහල් 14 කින් සමන්විත වෙනවා. මේක හරියට මහල් නිවාස සංකීර්ණයක් වගෙයි පෙනෙන්නෙ.
මෙය නිර්මාණය කරපු ඇල්ට්ස්ටට් වෘත්තීමය ගෘහනිර්මාණ ශිල්පියෙක්.
ප්රභූ පිරිස් විසින් එයාලගෙ පවුලේ මිය ගිය සාමාජිකයාට විශේෂ කෘතඥතාවයක් පළ කිරීමක් ලෙසිනුයි මෙහි දේහය තැන්පත් කිරීම සළකන්නේ.



පාපන්දුවෙන් ලෝකෙම විස්මයට පත් කරපු පේලේ, ඔහුගේ අවසන් කටයුතු කරන්න මේ සුසාන භූමිය තෝරා ගැනීම ගැන අපිට පුදුම වෙන්න හේතුවක් නැහැ.