බුද්ධි, දූ දරුවෝ තනිකර නික්ම යයි

   දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකාව, චිත්‍රපට හා ටෙලිනාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට ලක් වූ රංග ශිල්පි  බුද්ධිසේන දයාරත්න අපෙන් සමුගත්තේය. 

   ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. බුද්ධි වික්රම රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යා 20කට ආසන්නය.

   අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් , පළිඟු මැණිකේ, පිට ගම්කාරයෝ, පුංචි හපන්නු, තාරා දේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ඇතුළු මුල්කාලීන ටෙලි නාට්‍ය ගණනාවක  ප්‍රකට චරිත රඟ දැක්වූ චරිතාංග නළුවෙකි.

   ජී.ඩී.එල්. පෙරේරා 1965 දී නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම ඉන්පසු සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය දුන්නේය.

   තවද නිෂ්පාදන කලමණාකාර වරයෙක් වශයෙන්ද ඒමහතා ප්රසිද්ධය.   

   ආදරණීය බුද්ධි වික්‍ර කලාකරුවණනි ඔබට සුබ ගමන්...!



තවත් ලිපි