පාපන්දු නිලවරණය අදයි


    ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය කොළඹ රීඩ් මාවතේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී, අද (14 වෙනිදා) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසා සිටියා.

    පාපන්දු ලීග 56 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම නිලවරණයේ සභාපති ධුරය සඳහා හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ. ශ්‍රී රංගා යන මහත්වරුන් ප්‍රබල ප්‍රතිවාදීන් ලෙස තරග වදිනවා.

    ඔවුන් දෙදෙනාට එරෙහිව විරෝධතා මතුව තිබුණත්, නිලවරණ කමිටුව විසින් එම විරෝධතා ඉවත දැමුවා.

    කෙසේ වුවත්, උප සභාපති ධුර හතරක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබූණු අතර ඉන් නාමයෝජනා 9 ක් ප්‍රතික්ෂේප වුණා.

    විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ආචාර්ය යූ.එල්.ඒ.මජීඩ් (සභාපති), විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු හා අමාත්‍යාංශ විශ්‍රාමික අතිරේක ලේකම් එස්. මැදවැව යන මහත්වරුන් මෙවර පාපන්දු නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටු සාමාජිකයෝ වෙනවා.

තවත් ලිපි