නුදුරු දිනකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.
ඒ සදහා හේතු වී ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් "අත දිගහැර කළ වියදම්" සහ ලෝක කුසලාන තරඟාවලිය නැරැඹීම සඳහා නිළධාරීන් 16 දෙනකු ඕස්ට්‍රේලියාව බලා යාම මෙන්ම, විමර්ශන කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් කළ පරස්පර විරෝධී ප්‍රකාශයි.