අතේ ඇති ගාණෙන් ඔඩෙසි එකේ සීතාවක යමු


    "සීතාවක ඔඩෙසි" නමින් අලුත් සංචාරක දුමිරිය සේවාවක් ඊයේ (15) උදෑසන ආරම්භ වුණා.

    මෙම විශේෂ සංචාරක දුම්රිය සෑම ඉරිදා දිනකම උදෑසන 7.15 ට  කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර උදෑසන 9.16 වන විට වග දුම්රිය ස්ථානයට ළගා වෙනවා.

    එදිනම සවස 6 වන විට වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ගමන් ආරම්භ කරනවා.

    මෙම විශේෂ සංචාරක දුම්රියේ පළමු පංතියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500 ක් වන අතර දෙවන සහ තෙවන පංතියේ ප්‍රවේශ පත් පිළිවෙලින් රුපියල් 300 ක් සහ 200 ක් වනවා.

තවත් ලිපි