වැස්ස අඩු වෙයි


    පසුගිය දින 3 පුරා දිවයින පුරා හටගත් වර්ෂාව මේ වන විට සමනය වී තිබෙනවා.

    ඒ අනුව, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පමණක් ස්ථාන ස්වල්පයක අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දකුණු පළාතේ උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසා සිටියා.

තවත් ලිපි