දීපිකාගේ බිකිනිය ශාරුක්ඛාන්ටත් තර්ජනයක් වෙලා

“පතාන්” චිත්‍ර පටය ජනවාරි 25 යින් පසු සති අන්තයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරිකයෙකුගේ චරිතය රඟපාන ශාරුක්කාන් සමඟ දීපිකා පදුකෝන්, අශුතෝෂ් රානා සහ ජෝන් ඒබ්‍රහිම් රංගයෙන් දායක වෙනවා.

මෙම චිත්‍ර පටයේ ගීතයක් සම්බන්ධයෙන් මේ වනවිට කතා බහක් ඇති වී තිබෙන්නෙ චිත්‍රපටය නිකුත් වීමටත් කලිනුයි. ගීතය “බේෂාරම්” ය.


එයට හේතුව මෙම ගීතයේ දීපිකා පදුකෝන් ඇඳ සිටින කහ පැහැති බිකිනියේ පාට සම්බන්ධවයි.

එම බිකිනියෙන් කුංකුම වර්ණයට අගෞරව කරන බව දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් විසින් චෝදනා එල්ල කරනවා.

“බේෂාරම්” ගීතය ගැන ඉන්දීය මධ්‍ය ප්‍රදේශයේ ස්වදේශ කටයුතු අමාත්‍ය මිශ්රා මහතා පවසා තිබුණේ මේ ගීතය පිළිකුල් සහගත බවත් ගීතයේ ඇඳුම් නිවැරැදි නොකළහොත් චිත්‍රපටය තහනම් කිරීමට ඉන්දීය රජය සලකා බලන බවත්ය.


“පතාන්” චිත්‍ර පටය ගැන මේ ආන්දෝලනාත්මක තත්වය වැඩි වීමත් සමඟ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ශාරුක් ඛාන්ගේ ප්‍රචාරක පුවරු පවා පුලුස්සා දමා තිබෙනවා.

මේ අතර ඉන්දීය මුස්ලිම් සංවිධානද මේ ගීතය වෙනුවෙන් තම විරෝධතා ඉදිරිපත් කරමින් සිටිනවා.

“පතාන්” ත්‍රාස ජනක ක්‍රියාදාම චිත්‍රපටය සිද්ධාර්ත් ආනන්ද් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති අතර ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

තවත් ලිපි